පාලන මිලට වැඩි මුදලකට සහල් අලෙවි කළ වෙළෙදුන් 60 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ය.
එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ , මේ වනවිට විවෘත කර ඇති ආහාර අලෙවි සැල් පිරික්සීම ද අද සිට ආරම්භ කරන බවයි.
සුරක්ෂිත ආහාර මහජනතාව අතට පත්කිරීම එහි අරමුණ වේ.

