උසස් පෙළ ළමුන්ට පාසල් ආරම්භ කිරීමට සූදානමක්

උසස් පෙළ දරුවන්ට මෙම මස අවසන් සතියේ පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙනවා.

පාසල්වලට අවශ්‍ය උෂ්ණත්වමාන දහසය දහසක් ගෙන්වා ගැනීම සඳහා ද අමාත්‍යාංශය මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

ඒ, අනුව මෙම මස අවසානයට පෙර උෂ්ණත්වමාන පාසල්වලට ලබා දීමට හැකි වනු ඇති බවයි අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළා.

සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව ද ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර අද (08) සාකච්ඡාවක් පැවැත්වෙනවා.

පාසල් ආරම්භ කිරීමට පෙර පොදු ප්‍රවාහන සේවා අනිවාර්යයෙන් ම සමාන්‍ය තත්ත්වයට පත් විය යුතුය යන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අදහස වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම වෙනුවෙන් හා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා පාසල් අනුගමනය කරන ක්‍රියාමාර්ග මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.