අමෙරිකාවේ කළු ජාතිකයා ඝාතනයට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ට නඩු

අමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට විමුක්තිය ඉල්ලමින් පැතිර යන විරෝධතා මාලාව තවමත් ක්‍රියාත්මකවේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය යනතෙක් ගෙල සිර කරගෙන සිටි පොලිස් නිලධාරියාට මේ වනවිට දෙවන ගණයේ මිනී මැරීමකට එරෙහිව නඩු පවරා ඇති බවය.

ඔහු සමග ෆ්ලොයිඩ් ඝාතනය වන අවස්ථාවේ සිටි අනෙකුත් පොලිස් නිලධාරීන් තිදෙනා මින් පෙර නිදහස් කළ ද මේ වනවිට යළිත් ඔවුන් හට මනුෂ්‍ය ඝාතනයකට අනුබලදීම යන චෝදනා එල්ල වී තිබේ.

මේ අතර මිනිසෝටා ප්‍රදේශයේ නීතිපති කෙයිත් එලිසන් පවසා තිබෙන්නේ ඔවුන්ට විරුද්ධව නිවැරදි ආකාරයට නීතිය ක්‍රියාත්මක වීම සිදුවන බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ප්‍රාන්ත ආරක්ෂක අංශ විරෝධතාවන් පාලනය කිරීමට අසමත් වන්නේ නම් අමෙරිකානු හමුදා යොදවා හෝ එය සිදු කරන බවය.

කෙසේ නමුත් තත්ත්වය පාලනයට හමුදා යොදවනු ලැබුවහොත් අමෙරිකාව තුළ එවැනි හමුදාව යොදවා ප්‍රාන්ත පාලනය කිරීමක් සිදුවන්නේ වසර 30 කට පසුව බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

Killing of George Floyd - Wikipedia