ඇඳිරිනීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශවල රූපලාවන්‍යාගාර සහ කොණ්ඩ කපන මධ්‍යස්ථාන ද 11 වැනිදා සිට යලි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ආයතන ක්‍රියාත්මක කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති දැඩි කොන්දේසි මාලාවකට යටත්වයි. ඒ අනුව රූපලාවන්‍යාගාරයක කොණ්ඩා කැපීම, වර්ණ ගැන්වීම, නියපොතු කැපීම හා වර්ණ ගැන්වීම සහ අත්, පාවල අනවශ්‍ය රෝම ඉවත්කිරීම සිදුකල හැකි වනවා.
රූපලාවන්‍යාගාරය විවෘත කිරීමට පෙර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කළ යුතු අතර ඔහු වෙත යොමු කළ යුතු විස්තර පත්‍රිකාවක් ද වනවා. එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ www.health.gov.lk යන වෙබ් අඩවියෙන්ද බාගත හැකියි.

