බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15ක් රෝහලට

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

වතු කම්කරුවන් 15 දෙනා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (09) ඇතුළත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.