එක පාරම හම්බුන දෙන්නෙක්ට අවංකව ආදරේ කරන්න පුළුවන් ද ? +18

මුලින්ම කියන්න ඕනි හැමෝම පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්නවා නේද ? කොරෝනා අස්සේ ඇවිදලා ආතල් ගන්නේ නැතුව ගෙදරට වෙලා අම්මලා තාත්තලා එක්ක හිටු. පරිස්සම් වෙයල්ලා හැමෝම , අද ඉන්න ගමන් ඊයේ පෙරේදා මට උන අත් දැකීමක් එක්කම කතාවට බහින්න හිතුණා. ලොල්. අහම්බෙන් හම්බෙන කෙල්ලෝ කොල්ලෝ ජීවිතේට එක පාර ලං වෙලා තියනවද ? අපිට ඉතින් කවුරු හරි අහම්බෙන් හම්බෙලා මෙහෙම සෙට් උනා (ලව් හිතුණා) කිව්වොත් අපේ උන් හිතන්නේ ආ…පෝ ඕකා ආතල් එකට කරන එකක් වෙන්න ඇති. එහෙම කොහොමද බං මේ හම්බුනා ගමන් ලව් සීන් එකට යන්නේ. අන්න එහෙමයි අපේ සමාජේ අද හැඩ ගැහිලා තියෙන්නේ. ඒත් දැකපු ඉස්සලම දවසේ මතකයන් එක්ක කවි සිංදු කිව්ව අය ද අනන්ත අප්‍රමානයි. ඔන්න චිත්‍රත් ඇදලා දෙනවා. හික්ස්.. හැබැයි ඉස්සර අපේ මුතුන් මිත්තෝ ආච්චිලා සීයලා දැකපු ගමන් බැදලා පවුල් කෑවේ නැද්ද ? හිතල බලන්න.. අපි කතාවට බහිමු.

දැකපු ගමන් ආදරේ හිතෙන්න බැරිද ඇත්තටම ?

මේකයි සීන් එක. දැකපු ගමන් ආදරේ හිතෙනවා කියන්නේ අපි එයාගේ රූපෙට තමයි ආදරේ කරන්නේ. ඉතිං දැකපු ගමන් ආදරේ හිතෙනවා. ඒත් එක ඇත්තටම ආදරේ ද ? නැත්තම් එයා එක්ක තියන ලිංගික ආකර්ෂණයක් ද ? එහෙම වෙන්නත් පුළුවන් නේද ? ගොඩක් වේලාවට අපේ අය ආදරේ කියල වැරදි වැටහිමටක එනවා එයාගේ තියන ආශාවන් එක්ක. ඒත් ළමයෝ ඒක ආදරේ නෙවෙයි. තාවකාලිව තියන ආශාවක් විතරයි.

එහෙනම් කොහොමද මේ එකපාර දෙන්නෙක්ට ආදරේ හිතෙන්නේ ?

එකපාර ආදරේ හිතිලා අද කාලේ නම් සෙට් වෙන්නේ 0.01% වගේ ප්‍රතිශතයක්. මොකද අද කාලේ කෙල්ලෝ කොල්ලෝ ආදරේ කියලා හිතන් ඉන්නේ සෙක්ස් වලට. කොහේ හරි රූම් එකකට රිංගලා ඩිස්ට් ඩිඩින් එකක් කරලා ගෙදරය යන එකට කියන්නේ අම්මෝ මං එයාට පට්ට ආදරෙයි කියන එක. ඒ අස්සේ කරන මගුල් වීඩියෝත් කරලා. හයියෝ සංසාරේ කියන්නේ ඔව්වට. ඒත් උබලා ආදරේ කියන එකේ තේරුමවත් දන්නේ නැතුව ඇති.

මං මෙහෙම උදාහරණයක් ගන්නම් කෝ , දැන් ඉතීම් අහන්න එපා මේක මට උන එකක් ද කියලා හොදේ ! ලොල්

දැන් හිතන්න කෝ එක පාරම කෙල්ලෙක් මැසේජ් කරනවා හිතා ගන්න බැරි වෙලාවක. ඒ කෙල්ල ඔයා දැකලා නෑ හැබැයි කවදාවත්. හැබැයි මැසේජ් එකට රිප්ලයි දානවා. හරි ඔහොම මැසේජ් කරා කියමුකෝ දවසක් දෙකක්. එත කොට තේරෙනවා ඒ කෙල්ලගේ හැටි. හැටි කිව්වේ කොයි වගේ චරිතයක් ද කින්ද මන්ද කියල ඉතීම් තේරෙනවා නේ. හැබැයි කෙල්ල හොද කෙල්ලෙක් කියලා හිතාගෙන එයාට දිගටම මැසේජ් කරනවා (ඒ අස්සේ වීඩියෝ කෝල් එහෙමත් ගන්නවා හොදේ) ඉතීම් එහෙම එහෙම කෙල්ලෙක්ට දන්නෙම නැතුව ලං වෙන්න ඉඩ තියනවා. ඒ ඉතින් ඒ කෙල්ලගේ ප්‍රතිචාර , ගති ගුණ ඒ හැමදේම. ඒ වගේම හොයලා බලනවා නම් , හැමවෙලේම ඒ දේවල් එක්ක අපි දන්නෙම නැතුව ඒ කෙල්ලට ආදරේ කරන්න පටන්ගෙන තියෙන්න පුළුවන්. හැබැයි ඔතනේදී විශ්වාසේ කියන එක අනිවරෙන් තියෙන්න ඕනි. කෙල්ල ඒ අස්සෙත් ඩබල් ගේමක් වගේ දෙනවා දැනුනා කියන්නේ , එතනට ආදරේට වඩා සැකයක් , එපා වීමක් තියෙන්න පුළුවන්. ඕක example හොදේ ඔන්න හික්ස් xD

අන්න ඒ වගේ මේ තප්පරෙන් දෙකෙන් අවංකව ආදරේ කරනවා කියන්නේ එහෙම බැලුවොත් බොරුවක් නේද ? කෙනෙක් ගැන දන්නේ නැතුව කොහොමද එයාට ලං වෙන්නේ. ඉස්සර කාලේ අපේ ආච්චිලා සීයලා ප්‍රෝපසල් වලින් සෙට් වෙලා බැන්දට අද කාලේ ප්‍රෝපසල් වලින් සෙට් වෙන ඒවා කොහොමද විශ්වාස කරන්නේ ? මොන අවලම් වැඩ කරලද මීට කලින් ලීක් කරන්ද, කීදෙනෙක් එක්ක පදුරු අස්සේ රිංගලා ද , අපි කිසි දෙයක් දන්නේ නැහැ. කෙල්ලෙන්ට කොල්ලොන්ට කියලා වෙනසක් නෑ දෙගොල්ලොටම පොදුයිනේ. කෙල්ලෙක් උනත් කැමති නැහැ වෙන කෙල්ලෝ එක්ක බුදියපු එකෙක් එක්ක ජීවත් වෙන්න. ඔන්න ඕකයි ඇත්ත. ඉතිං එහෙම බැලුවම ප්‍රෝපසල් එකක් ආවත් පෙනුමට කැමති උනත් කතා බහ නොකර ආදරයක් , බැදීමක් ඇති වෙයි කියල මං නම් හිතන්නේ නැහැ. ඇති උනත් ඒ අවංක හැගීමක් වෙන්න බෑ කියලයි මගේ මතේ.

මං හිතන්නේ ඔයාලට පොඩි අදහසක්වත් එන්න ඇති එකපාර බැදීම් ඇති වෙනද නැද්ද කියන එක ගැන. එහෙනම් අදට ඔච්චරයි. මේ දවස්වල පරිස්සමෙන් පිරිසිදුව අවළමේ යන්නේ නැතුව ගෙදරට වෙලා හිටපල්ලා එහෙනම්. අළුත් වචන සෙට් එකක් ලියද්දී ඇඩ් උණා මේ දවස් වල කියවෙන්නෙම ඒවා නිසා. හික්ස්

බුදු සරණයි !

ධනුජය රත්නායක