ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ බිරිඳ වන සවිතා කෝවින්ද් මහත්මිය කොරෝනා මර්දන සටනට එක්වෙමින් මුඛ ආවරණ මැසීම ආරම්භ කර තිබෙනවා.
ඇය එලෙස මසන මුඛ ආවරණ දිල්ලියේ නිවාස අහිමි හා අවවරප්රසාදිත පිරිස් අතරේ බෙදා දීමට නියමිතයි.
කොරෝනා වසංගතයට එරෙහිව එක්ව සටන් වැදිය හැකි බවත් සියලු දෙනාටම යමක් කළ හැකි බවත් මුඛ ආවරණ මැසීමේ නිරත වීමෙන් ඉන්දීය ජනපති ආර්යාව පණිවුඩයක් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

