ඉන්දියාවේ සිරවී සිටි ලාංකික සිසුන් අද දිවයිනට

ඉන්දියාවේ අධ්‍යයන කටයුතු සඳහා ගොස් සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඔවුන් රැගෙන ඒම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් උදෑසන ඉන්දියාවේ අමිර්තසාර් බලා පිටත්ව ගියේ ය.

ඒ අනුව අදාළ සිසුන් පිරිස අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.