ඇදිරි නීතිය උල්ලංගණය කරමින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් සිව් දෙනෙකුට වෙනස් ආකාරයේ දඬුමක් ලබාදුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මරදාන – ඩාලි පාර ප්රදේශයේදී ඊයේ දින මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනෙකුට අත් දෙක මාරු කර සිය දෙකන්වලින් අල්ලා අවස්ථා කිහිපයකදී නැගිට වාඩිවීමට නියෝග කිරීම සම්බන්ධයෙනුයි ඔවුන් වැඩ තහනමට ලක් කර ඇත්තේ.
කොළඹ නාගරික රථ වාහන කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් කර තිබෙනවා. ඔවුන්ට විරුද්ධව අණට අකීකරුවීම, අපකීර්තිදායක හැසිරීම යන චෝදනා යටතේ විනය ක්රියාමාර්ග ගැනීමට නියමිතයි.

