ස්වයං නිරෝධායනයට ලක්නොවු සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමළයෙන්

ස්වයං නිරෝධායනයට ලක්නොවු විදේශිය සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමල උප්පුවෙලි පොලිසිය විසින් නිලාවේලි ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

ඒ ත්‍රිකුණාමල උප්පුවෙලි පොලිසියට ලද තොරතුරක් මතයි.

මේ අතර ආසාදිතයන් හඳුනා ගැනීම හේතුවෙන් හුදෙකලා කෙරුණු ගම්මාන තවදුරටත් එම තත්ත්වයෙන්ම පවතියි.

ඊයේ (02) පස්වරුවේ ත්‍රිකුණාමලය උප්පුවෙලි පොලිසියට ලැබුණු තොරතුරක් මත ස්වයං නිරෝධායනයට ලක් නොවු විදේශිකයන් පිරිසක් නිලාවේලි ප්‍රදේශයේ සංචාරක හෝටල් තුනක රැදිසිටිය දි සොයාගෙන තිබේ. 

එහි සිටි විදේශිකයන් අටදෙනා අතරට පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු අයත් බව වාර්තා වේ.

එහිදි එම විදේශිකයන් සංචාරක හෝටල් තුළදිම ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පොලිසිය විසින් පියවර ගනු ලැබුවේය.