දැනට කොරෝනා රෝගීන් වාර්තා නොවූ රටවල් 22

තවමත් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා නොවූ රටවල් ගණන 22 තිබෙනවා. ඒ අතර, ඇති විශාලම රාජ්‍ය සැලකීමේදී උතුරු කොරියාව හා යේමනය පෙරමුණේ සිටිනවා. එමෙන්ම ඇන්ටාක්ටිකා මහද්වීපයයෙන්ද කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මීට අමතරව, බුරුන්ඩි, දකුණු සුඩානය, ටජිකිස්තානය, සියෙරා ලියෝන් මෙන්ම මලාවි හා ටර්ක්මෙනිස්තානයද, අප්‍රිකානු රාජ්‍යයන් වන බොට්ස්වානා, ලෙසතෝ, සාවෝ තේම්, කොරොස්මොස් යන රාජ්‍යයන්ද මේ අතර වනවා.

කිසිදු රෝගියකු වාර්තා නොවන සෙසු රටවල් වන්නේ සොලමන් දිවයින්, සැමෝවා, කිරිබාර්ටි, මයික්‍රොනේසියා, මාෂල් දූපත්, පලාවු, තුවාලු හා නාවුරු යන රාජ්‍යයන්.