චීනයෙන් ලංකාවට වෛද්‍ය ආධාර තොගයක්

චීනයේ සිට වෛද්‍ය ආධාර තොගයක් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සහය ලබාදී තිබෙනවා.

එම ගුවන් සේවය නිවේදනය කළේ චීනයේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සිදුකරන ලද පරිත්‍යාග මෙලෙස දිවයිනට රැගෙන ඒමට පියවර ගත් බවයි.

මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල, ඇස් ආවරණ, නෙබියුලයිසර්ස්, ස්පන්දන ඔක්සිමීටර, උෂ්ණත්වමාන, ග්ලූකෝමීටර ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ තොගයක් මෙලෙස චීනයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ලබාදී ඇති අතර, ඒවා රෝහල් වෙත බෙදාහැරීම සඳහා ඉදිරියේදී මෙරට සෞඛ්‍ය වෛද්‍ය බලධාරීන් වෙත භාරදීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.