ලංකාවේ කොල්ලෙක් හදපු අමුතුම කොරෝනා sticker පැක් එක

මේ දවස් වල ගොඩ දෙනෙක් ගෙදර ඉන්නේ. ඒ අතිශයෙන්ම භයානක වෛරසයක් හේතුවෙන්. අපේ රටේ පාලකයන් ඉතාමත්ම මහන්සි වී වැඩ කරන්නේ අපේ රටේ මිනිස්සු මේ කොරෝනා කියන මරාන්තිකයාගෙන් බේරගන්න. අනිවාරෙන්ම ත්‍රිවිධ හමුදාව පොලීසිය මේ වෙලාවේ මතක් කරන්න ඕනි. අපි ඒ අයට යටත් වී මේ වෙලාවේ එයාලට සහය දීමයි විය යුත්තේ,

ඉතිං මේ කවුරුත් කතාවෙන කොරෝනා නිසා අපේ කොල්ලෙක් අමුතුම වැඩක් කරලා තියනවා. ඒ තමයි මේ WhatsApp ඔස්සේ පාවිච්චි කරන්න පුළුවන් කොරෝනා ස්ටිකර් පැක් එක. ඔහු නමුන් ධනුජය. කාලෙන් කාලෙට අළුත් වැඩ කරන ඔහු ගැන කතා බහවෙනවා අපිට දැනගන්න ලැබුණා. ඔහු මේ ඇප් එක නම් කර තිබෙන්නේ කූපර් බුවා යනුවෙන් (“cooper buwa” apps) . කෙසේ නමුත් මේ sticker pack එකේ විවිධ category ඔස්සේ stickers 130ක් පමණ තියනවා. විශේෂයෙන් මේ ඇප් එක දැනට Android මොබයිල් වලට විතරක් නිර්මාණය කර තිබෙන අතර ඔහු පැවසුවේ ඉක්මනට ios සදහාද මේ stickers නිර්මාණය කරගෙන යන බවයි. කෙසේ නමුත් මේ දවස්වල ජනප්‍රිය වූ “කොරෝනා sticker පැක් ” එක කාගේත් සිත් දිනා ගත්තායි ඔහු අපි සමග වැඩිදුරටත් පැවසුවා.

ලින්ක් එකෙන් දැන්ම download කර ගන්න

www.cooperbuwa.lk/