මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පස්වැනි කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටව ගියේය.
ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණ 60 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස රඳවා සිටියේ පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද යුද හමුදා ගොවිපල මධ්‍යස්ථානයේයි.
මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 78 දෙනෙකු ද අද පිටව ගියේය.
ඒ අතර සිටි කුඩා දරුවන් යුද හමුදා නිලධාරීන්ට තුති පුදා ඔවුන්ගේ රුව සිතුවමට නඟා තිබූ අතර නිලධාරීන්ට කෘතවේදී වෙමින් සටහන් ද ලියා තිබුණි.
ඉන් එකක සඳහන් වුයේ ” රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා..යෝධ බල වෙර වීරිය ලැබගෙන මව්බිමට මගෙ වාසනා..විපුල වීරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා…ආයු රක්ඛන්තු ආවඩා..” යන්නයි.
මේ අතර යුරෝපානු හා මැදපෙරදිග රටවලින් පැමිණ වව්නියාව පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙ රැඳි සිටි 167 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියේය.
එළෙස පිටව ගියේ ගාල්ල, මාතර, හලාවත, පුත්තලම හා මීගමුව ආදී ප්‍රදේශවල පිරිසකි.
මෙරට නගර සහ පොදු ස්ථාන රැසක් විෂබීජහරණය කිරීම දැනටමත් ආරම්භ කර තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල අද විෂබීජහරණයට ලක් කළේය.
අද දෙරණ

