එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව කොරෝනා ආසාදිත ලාංකිකයින් දෙදෙනෙක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබේ.

රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය පවසන්නේ, එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බවයි.