ඉතාලියේ කොරෝනා නිසා කොටු වී සිටින ලාංකිකයන්

කොරෝනා වෛරසයේ සීග‍්‍ර ව්‍යාප්ත වීම නිසා ඉතාලියේ පළාත් 11ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එම පළාත් 11 සිටින  ශී‍්‍ර ලාංකිකයින් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි ඉතාලියේ මිලානෝ නුවර පිහිටි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සඳහන් කරනවා.ලොම්බාඩ් කලාපය සහ පළාත් 11හි  වෙසෙන මිලියන 16 ක ජනතාවක් නිරෝධායනය කිරීමටයි ඉතාලි රජය පියවර ගෙන ඇත්තේ.

 මේ වනවිට ඉතාලියේ වෙසෙන ශී‍්‍ර ලාංකික කාන්තාවකට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර සෙසු ශී‍්‍ර ලාංකිකයින් කිසිවෙකුටත් මෙතෙක් එම වෛරසය ආසාදනය වී නැහැ.

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 233 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,883 ක්.