ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටුවයිද?

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටුවීමේ අවදානමක් මතුව තිබේ. 

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික ඩික් පවුන්ඩ් විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා උළෙල බොහෝ දුරට අත්හිටුවනු ඇති බවයි. 

පවතින තත්ත්වය හමුවේ ක්‍රීඩා උළෙල සැලසුම් කළ ආකාරයෙන් පැවැත්වීම අවදානම් බව ඔහු පෙන්වාදී තිබේ. 

කෙසේවෙතත් ක්‍රීඩා උළෙල අත්හිටුවන්නේද නැද්ද යන්න පිළිබඳව ඔලිම්පික් කමිටුව රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ඩික් පවුන්ඩ් ප්‍රකාශ කර ඇත.

අද දෙරණ