බලපිටියේ වෙඩි තැබීමක්

බලපිටිය, වැලිවතුගොඩ ප්‍රදේශයේ දී අද(17) උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තාකරු පවසයි.

නිවසේ සිටි වයස අවුරුදු 36 ක් වු සුනිල් කුමාර නැමති එක්දරු පියෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩි තබා පලා ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

අද දෙරණ