මාවුස්සාකැලේ ජලාශයට පිටාර ගලන පොදු වැසිකිළි පද්ධතියට මුද්‍රා තබයි

මස්කෙළිය, මාවුස්සාකැලේ සමන් දේවාලය ඉදිරිපිට පිහිටි වැසිකිළි පද්ධතියේ වලවල්වල මළ අපද්‍රව්‍ය මාවුස්සාකැලේ ජලාශයට ගලා යෑම නිසා එම වැසිකිළිය මුද්‍රා තැබීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පවසයි.

මාවුස්සාකැලේ සමන් දේවාල පරිශ්‍රයේ මාවුස්සාකැලේ ජලාශ ඉවුරේ පිහිටි මෙම වැසිකිළි පද්ධතිය සමන් දේවාලයට හා ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මඟින් ඉදිකර තිබේ. 

නොමිලයේ පාවිච්චි කිරීමට ඇති මෙම වැසිකිළි පද්ධතියේ නඩත්තු කටයුතු සිදු කරනු ලබන්නේ, විදුලිබල මණ්ඩලය මඟිනි. 

2006 වසරේ ඉදිකර ඇති මෙම වැසිකිළි පද්ධතියේ වලවල් මළ අපද්‍රව්‍ය උතුරා ගලා බසින අපද්‍රව්‍ය මාවුස්සාකැලේ ජලාශයට එක් වීම නිසා සෞඛ්‍යට හා දැඩි පාරිසරික හානියක් සිදුවන හෙයින් නැවත පිළිසකර කරන තෙක් වැසිකිළි පද්ධතිය පාවිච්චිය අත්හිටුවමින් මුදා තැබීමට පියවර ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පවසා ඇත.

අද දෙරණ