චීනයේ වූහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු අද පෙරවරුවේ ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත ශ්‍රී ලංකාව ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක් බව රජය පවසනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ එය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප මෙන්ම විශ්වාසදායක විදේශ ප්‍රතිපත්තිය මනාව පිළිබිඹු කරන්නක් බවයි.
චීනයේ සිට මෙම සිසුන් අද පෙරවරු 7.42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ විශේෂ යානයෙන්.
ඔවුන් මේ වන විට දියතලාව යුද හමුදා කදවුරේ පිහිටා ඇති රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබෙනවා.

