ලොරි රථයක් මහමඟ ගින්නෙන් දැවෙයි. එක් අයෙක් මරුට

ත්‍රිකුණාමලය-නුවර මාර්ගයේ පාලම්පාරුව අසළ නවතා තිබු ලොරි රථයක් ගිනි ගෙන ඇති අතර එහි සිටි පුද්ගලයෙකු පිළිස්සී මිය ගොස් ඇත. මරණයට පත්ව ඇත්තේ 49 හැවිරිදි ත්‍රිකුණාමලය මිහින්දපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිද්ධිය අපරාධයක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට කැඳවා විමර්ශන සිදු කරමින් පවතී.