අනියම් පෙමක් අතට හසුවීම නිසා පෙම්වතාට හා බිරිඳට එල්ල කළ පහරදීමකින් බිරිඳ රෝහල් ගත කර සැකකාර සැමියා පොලිස් අත්අඩංගුවට පත්වීමක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වේ.
අඹුසැමි යුවළක් අතර ඇතිවූ බහින්බස්‌වීමක් දුර දිගයැම නිසා අදාළ කාන්තාව තම දරු දෙදෙනාත් රැගෙන ඇගේ මවුපියන්ගේ නිවස වෙත ගොස් ඇත. මවුපියන්ගේ නිවසේ ජීවත්ව සිටින විට ඇය වෙනත් පුද්ගලයකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව කියයි.
මීට දින කිහිපයකට පෙර මෙම කාන්තාව හා ඇගේ අනියම් සැමියා නිවසක කාමරයක් තුළ සිටින විට එම ප්‍රදේශයේ පුද්ගලයන් විසින් නිවස වටකර මොවුන් දෙදෙනා අල්ලා ගෙන තිබේ. එහිදී එල්ල කර ඇති පහරදීම හේතුවෙන් කාන්තාව ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇත. පෙම්වතා ඉන් පලා යැමට උත්සාහ දැරීමේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ඔහු පොලිසියට භාරදී ඇත.
සැකකාර අනියම් පෙම්වතා දරු තිදෙනෙකුගේ පියකු බව කියයි. සිදුවීම ගල්ගමුව, පාලුකඩවල, ජාගම ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලිසිය කියයි.
ඒ. කරුණාතිලක

