ගම්පහ ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක ජල කප්පාදුවක් සිදු කිරිමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශය සහ ජා-ඇල ඒකල,කදාන,ආනියාකන්ද,බටගම,තුඩැල්ල,නිවන්දම,මාඑළිය,කෙරවලපිටිය,මාටාගොඩ,වැලිසර,මාබෝල,ඇල්පිටිවල,මහබාගේ සහ දික්ඕවිට යන ප්‍රදේශයන්ට මෙලෙස ජල සැපැයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර සිටින්නේ.