සිරකරුවන් 5 දෙනෙකුට ජනපති සමාව

තමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත. නිදහස් දිනය නිමිත්තෙන් ජනපති සමාව හිමි වු මුලු සිරකරුවන් සංඛ්‍යාව 517කි.