අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් ලබන 20 වනදා දක්වා අද (06) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයට අනුවයි.
තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන 24 ක් පමණ වටිනා ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකස් කර ලබාගැනීම සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් චෝදනා ලැබ සිටිනවා. සැකකරු ඇපමත මුදාහරින ලෙසට විත්ති පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද ප්‍රතික්ෂේප කළා.
ඔහු ඇපමත මුදාහැරිය හොත් ඉදිරි පරීක්ෂණවලට බලපෑමක් සිදුවිය හැකි බවයි මහේස්ත්‍රාත්වරිය මෙහිදී සදහන් කළේ.

