උපන්දිනයට, බිහිකරපු මවට පින් දෙන්න දෝණි එක්ක නුවර ගිය නිල්මිණි

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් ද අපූරු චරිත මවන ප්‍රවීන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ.පෞද්ගලික ජීවිතයේ දී තමන්ගේ ආදරණීය දෝණි සමග සතුටින් ජීවිතය ගතකරන ඇයට ඊයෙ දිනය ඉතාමත් සුවිශේෂී දිනයක් වුනා ඒ තමයි ඇයගේ ජන්ම දිනය යෙදී තිබීම.

ඉතින් ඒ වෙනුවෙන් පින්කමක්  කරන්න හිතපු ඇය තම ආදරණීය දෝණි සමඟ නුවර ගිහින් තිබුණා.ඒ විශේෂයෙන්ම දළදා මාලිගාව වන්දනා කරන්න.ඉතින් ඒ සුන්දර නුවර ගමනේ ඉතාමත් අපූරු  ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය හරහා බෙදා හදා ගන්නටත්  ඇය අමතක කළේ නැහැ.

ඒ වගේම තමයි තමන්ගේ උපන් දිනය දවසේ ඇය මේ විදියට ඉතාමත් සංවේදී අපූරු සටහනක් ද එකතු කර තිබුණා දැකගන්නට පුළුවන්.

“අද වගේ දවසක මාව බිහිකරපු ආදරණීය මෑණියන්ට ගොඩක් පින්. අපි අද දළදා මාලිගාවට ආවා” 

ඉතින් අපි ඇයට සුභම සුභ නිරෝගී ජන්ම දිනයක් ප්‍රාර්ථනා කර සිටිනවා.