විත්ති කූඩුවට නොගිය මෛත්‍රීට අධිකරණයෙන් අවවාද

අද පැවති නඩුවක් සඳහා අධිකරණයට පැමිණි එහි විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද ඔහුට අවවාද කළා. ඒ, විවෘත අධිකරණයේදී අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

එම නඩුව අද කැඳවු අවස්ථාවේදි හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිට තිබෙනවා. එහිදී පැමිණිල්ලේ නීතීඥවරයා සැකකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවෙන් පිටත රැඳීසිටීම අධිකරණයේ අවධානය යොමුකර ඊට විරෝධය පළකර තිබෙනවා