ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු 
මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ පොත්තේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ රාත්‍රියේ මීරිගම විජයරජදහන දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.

මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.