අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් කාර්යාල දුම්රිය හා සාමාන්‍ය ගමන් වාර සඳහා නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙලෙස අවලංගු කර ඇත්තේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 20 ක්, පුත්තලම මාර්ගයේ ගමන් වාර 04 ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 16 ක් හා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2 ක් බවයි වාර්තා වන්නේ.

