කොවිඩ් ව්‍යාප්ත වූ සමයේ පැනවූ බස්රථවල මගීන් රැගෙන යාමේදී පැනවූ නීති ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල නෙත් නිවුස් වෙත පැවසුවේ මේ වන විට එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බවයි.
මෙවැනි නීතියක් පැනවීම හේතුවෙන් බස් ගාස්තු වැඩි කිරීමටද සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයාද දැනුවත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ.

