බිත්තර පරිභෝජනය 133 සිට 50 දක්වා පහළට


මෙරට ඒකපුද්ගල බිත්තර පරිභෝජනය මේ වන විට සියයට 50කටත් වඩා අඩු වී ඇතැයි ලෝක කුකුළු විද්‍යා සංගමය පවසනවා. එහි ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති වෛද්‍ය උෂාන් පල්ලෙගම පැවසුවේ 2020 වර්ෂය වන විට මෙරට ඒකපුද්ගල බිත්තර පරිභෝජනය 133ක මට්ටමක තිබූ බවයි.