මහවැලි ගඟේ සැඩ පහරට හසුව තරුණයෙක් අතුරුදන්

මහවැලි ගඟේ හක්කිඳ වරාතැන්න ප්‍රදේශයේ දී තරුණයෙක් ගඟට වැටී අතුරුදන්ව ඇති බව කටුගස්තොට පොලීසිය පවසයි.

නව වසරේ සිය මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ වරාතැන්න ප්‍රදේශයේ ගල් තලාවක් මත විනෝද වෙමින් සිටියදී මුහුණ සේදීම සඳහා ගඟට බැස ඇති මෙම තරුණයා එක්වරම ජලයේ සැඩ පහරකට හසු වී ගසා ගෙන ගොස් අතරුදහන්ව තිබේ.