කොළඹ ගෙයක් ගන්න හීනය අද හැබෑ වුනා

අපේ රටේ අංක එකේ youtube නාලිකාවක් තමයි වස්ති කියන්නේ.මුල්වරට ප්‍රහසන කලාව ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන පැමිණි ඔවුන් ඉන්පසුව සංගීත කලාව, චිත්‍රපටි,ඇතුළු නොයෙකුත් ව්‍යාපාර සඳහා ද අවතීර්ණ වීමෙන් පසුව ඒ ඔස්සේද ජනතාවගේ ආදරය නොඅඩුව දිනාගෙන තිබෙනවා.

වස්ති කණ්ඩායම ගැන කියනකොට කොයි කවුරුත් දන්න හඳුනන චරිතයක් තමයි අනුශ්ක උදාන ලියනගෙ කියන්නේ.ඉතින් ඔහු 2023 අලුත් අවුරුද්ද එළඹෙන විට ඉතාමත් අපූරු සටහනක් ඔස්සේ ඔහුට ආදරය කරන සියලුම දෙනා හට ඉතාමත් හොඳ ශක්තියක් බවට පත්වී තිබුණා..එම සටහන මෙසේයි..

“සුභ අලුත් අවුරුද්දක් වේවා..!!

අපි ඉපදෙන කොට අපේ ඉරණම නළලේ කොටාගෙන අපි ඉපදෙන්නේ කියන කතාව විශ්වාස කරනවද? කේන්දර වලින් , ඉපදුන වේලාවෙන් , සාස්තර වලින් අපේ ඉරණම ගැන කියන කතාව විශ්වාස කරනවද? ඒ කියන කතා , ඒ කියන දේවල් ඒ විදියට උනාම ඒ පිලිබඳ විශ්වාසයකුත් ඒ කියන දේවල් ඒ විදියට සිද්ධ නොවුනම ඒ ගැන අවිශ්වාසයකුත්  අපිට ඇති වෙනව නේද? 

මගේ මේ කතාව නැකැත් සාස්තර කේන්දර ගැන නෙමෙයි. .,

අපි ඉපදුන විදිය,පවුල් පසුබිම., කේන්දර වල තියෙන විදිය අනුව තමන්ගේ ඉරණම තීරණය කරගෙන, මේ අපේ ලැබීම ,මේක තමයි අපිට උරුම දේ කියලා හිත හදාගෙන ,ඉපදුනාට ඔහේ ජීවත්වෙලා මැරිලා යන්න හදන මිනිස්සුන්ටයි..!!

කුවේට් රටේ ඉස්පිරිතාලෙක ඇටෙන්ඩන්ට්  කෙනෙක් විදියට වැඩ කරපු මම 2013 ජූලි මාසේ දෙමවුපියන්ගේ යාළුවන්ගේ දැඩි විරෝධය තියනකොට මම  මගේ  රස්සාවට ටටා බායි  කියලා ලංකාවට එන්නේ තමන්ගේ ඉරණමට අනුව හීන වෙනස් කරගන්නවා වෙනුවට ,හීන වලට අනුව තමන්ගේ ඉරණම වෙනස් කරගන්නවා කියන තීරණය අරගෙන. ..!!

අද මගේ හිතේ තිබුන තවත් එක හීනයක් හැබෑ කරගත්තා. ඒ මගේම කියලා කොළඹින් ගෙයක් ගන්න එක., 

මේ කුඩු විකුණලා ., මංකොල්ල කාලා ., දේශපාලනේට කඩේ ගිහිල්ලා හම්බකරගත්ත සල්ලි නෙමේ., මේ මගෙ ආදරණීය ප්‍රේක්ෂකයන් සතුටු කරලා ගොඩක් කාලයක් මහන්සියෙන් එකතු කරපු දේ..!!!

ළඟදීම දවසක මගේ ගෙදර බැල්කනි එකට  වෙලා තඩියා එක්ක පොඩි ෂොට්  එකක් දාන ගමන් මම ආයෙත් හීන දකිනවා. හැමදාම වගේ එදාටත් වස්ති පවුලේ සහෝදරයෝ සහ මගේ අම්මා ,අක්කා මාත් එක්ක ඉදිවී.

මේක පේස්බුක් දැම්මේ කෙරුවාව පෙන්නන්න නෙමේ., තව කවුරුහරි එකෙක් උගේ Talent එක  විශ්වාස කරලා උගේ මුලු ජීවිතයම වෙනස් කරගනී කියන බලාපොරොත්තුව ඇතිව.!

විශ්වාස කරන්න..,

දැඩි අධිෂ්ඨානයෙන් ,මහන්සියෙන් , කැපවීමෙන් තමාගේ හීන සැබෑ කරගන්න මිනිස්සු  තමන්ගේ ජීවිතයේ ඉරණම වෙනස් කරගන්නවා නොඅනුමානයි.

සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!

ස්තුතියි , 

අනුෂ්ක උදාන.”

May be an image of 1 person, standing and outdoors
May be an image of 1 person, standing and indoor
May be an image of ‎1 person, phone, screen and ‎text that says '‎هl GENXT Wed7 70° 9:41 (ears ደ iPhone 14 Big and bigger.‎'‎‎
May be an image of 7 people, people standing and indoor