අපි හැමෝම වගේ කැමතියි කවුරුත් අතර ගොඩක් ලස්සනට කැපී පෙනෙන්න.සාමාන්‍යයෙන් ඊට මොනතරම් විලාසිතා කලත්,මිල අධික බ්‍රෑන්ඩඩ් ඇන්දත්, මේකප් පිටින් ගෑවත් වැඩක් වෙන්නෙ නැහැ.ලස්සන නීරෝගි සමක් නැත්තම්.සමේ තියන ලප කැලැල් ඉවත් කරගෙන අදුරු පැහැ ගතිය ඉවත් කරගෙන ලස්සන ස්කින් කලර් එකක් ගන්න අපේ කාන්තාවෝ මිල අධික ක්‍රම වලට යොමුවෙනවා.
ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ ඉතාමත් පහසුවෙන් ,ඉක්මනින්ම සමේ කලර් එක පැහැපත් කරගෙන ෂයින් කරගන්න ශරීරයට අත්‍යවශ්‍යම විටමින් සී ලබා ගන්නා ආකාරයයි.
• ඉස්සෙල්ලම ඔයාලා වෙළද සැලකින් vitamin c tablet අරගන්න ඕන.සාමාන්‍යයෙන් ශරීරයට දිනකට විටමින් C මිලිග්‍රෑම් 1000ක් පමණ ගැනීම තමයි හිතකර වෙන්නේ.
• ඔයාලා තෝරගන්න විටමින් C පෙත්ත මිලිග්‍රෑම් 1000යි නම්, දෙකට බෙදල වෙන් කරගෙන දවසකට දෙවරක් ගානේ පානය කරන්න ඕනේ.දවසකට උදේට සහ රාත්‍රියට වශයෙන් ගන්න ඕන.
• මුලින්ම විටමින් සී පෙත්ත කුඩු කරගන්න ඕන.
• ඊට පස්සේ පිරිසිදු ඇල් වතුර කෝප්ප භාගයක ප්‍රමාණයක්,ඒ කියන්නේ 125mlක ප්‍රමාණයක් අරගෙන මේ කුඩු ටික එකතු කරලා හොඳින් දිය කර ගන්න ඕන.ඊට දෙහි යුෂ බිංදු දෙකක් පමණ එකතු කර ගන්න අවශ්‍ය නම්.
• දැන් මේ පානය උදේ කෑමෙන් පස්සේ සහ රාත්‍රී කෑමෙන් පසුව පානයට ගන්න.
ඉතින් මේ විදියට පානය කරලා බැලුවම සති දෙකකින් පමන ඔයාලටම ඉතාමත් අපූරු වෙනසක් අත් දකින්නට පුළුවන්.

