බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් පාන් ත්‍රීරෝද රථයක් අසලට පැමිණි වයස අවුරුදු හතරහමාරක කුඩා දරුවෙකුව ඔසවා පොළොවේ ගැසූ බව කියන සිද්ධියක් දඹුල්ලෙන් වාර්තා විය.
සිද්ධියට සම්බන්ධ 44 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක නියෝග කර තිබේ.
සැකකරු දඹුල්ල කණ්ඩලම කැප්පැල ප්‍රදේශයේ පදිංචි අජිත් වර්ණසූරිය නොහොත් සමන්ත නමැති පුද්ගලයෙකි.
සිද්ධියෙන් තුවාල ලැබූ දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහලේ වෛද්‍යවරුන් විසින් සිද්ධිය ගැන සැක සිතී දඹුල්ල රෝහල් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව සිද්ධිය හෙළිවී ඇත.
පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මව සහ පියා මෙන්ම දරුවාගේ සීයා සමග දරුවා කණ්ඩලම ප්‍රදේශයේ නිවසේ රැඳීසිටින අවස්ථාවේ මාර්ගයේ චූන් පාන් ත්‍රීරෝද රථයක හඬ ඇසී මෙම කුඩා දරුවා තම සීයාගෙන් බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලාගෙන මාර්ගය අසලට දිව ගොස් ඇති බවය.
පසුව එම ස්ථානයේ බීමතින් සිටි අයෙකු මෙම කුඩා දරුවාට බැන වැදී චුන් පාන් ගැනීමට මුදල් කොහින්දැයි විමසා එකවරම දරුවාව ඔසවා පොළොවේ ගසා තිබේ.

