බිත්තර අලෙවි කිරීම සඳහා අද(14) දිනය තුළ උපරිම සිල්ලර මිලක් නියම කරන්නැයි, අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබේ.
ඒ, එම අධිකාරිය පසුගිය අගෝස්තු 19වැනිදා, සුදු බිත්තරයක් රුපියල් 43 කට සහ රතු බිත්තරයක් රුපියල් 45කට අලෙවි කළ යුතු බවට නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමිනි.
එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් බිත්තර නිෂ්පාදන සංගමය ගොනු කර තිබූ පෙත්සමක් අද (14) කැඳවුයේ ප්රසන්න අල්විස් සහ කේමා ස්වර්නාධිපති යන විනිසුරු මඩුල්ල හමුවේදීයි.

