අයහපත් කාලගුණයත් සමඟ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500 ක් පමණ මියගොස් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ පවසනවා.
ඒ අනුව ගවයින් 350 ක් පමණ හා එළුවන් 180 ක් මෙම තත්ත්වයෙන් මියගොස් ඇති අතර මියගිය සියලු ගවයින් කිරි සහ මස් ලබා ගැනීමට ඇතිකළ සත්වයින් බවයි සඳහන් වන්නේ.

