දැන් ඉතින් අපේ කොල්ලෝ ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ කෙල්ලො නෑ කියලනේ. කෙල්ලොන්ටත් කොල්ලො නෑද දන්නෙ නෑ ඉතීම් හැබැයි බලන බලන කෙල්ලට කොල්ලෙක් නම් ඉන්නවා, කොහොම හරි ඒ අය අපිට ඒ ගැන කියන්නෙ නෑ. හැබැයි කොල්ලෝ තුන්දෙනෙක් ගත්තොත් සෙට් එකේ එකෙන් එකෙක් හරි තනිකඩයි. දැන් මේ තනිකඩ ජීවිතේටත් හේතු තියෙනවා. සමහරු ඉස්කෝලෙ යන තාම පොඩි උන් නිසා.ඒ අයට අපි කියන්නේ ඉස්සරවෙලා ඉගෙනගෙන හිටු ලව් කරන්න කලින්. අනිත් අය තමයි කෙල්ලෝ සෙට් කරගන්න ආසයි හැබැයි සෙට් කරගන්නේ කොහොමද කියල දන්නේ නැති කොල්ලෝ සෙට් එකක් ඉන්නවා. තව සෙට් එකක් ඉන්නවා ආදරේ කරන්න බයයි ලැජ්ජාවයි කියලා ඉන්න මල් වගේ හැදිච්ච කොල්ලෝ. හරියට මන් වගේ. කොහොම හරි අද කියන්න යන්නේ මන් වගේ ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් කොහොමද කෙල්ලෙක්ව ටෝක් කර ගන්නේ කියලා.
කෙල්ල එක්ක කතා කරන්න බයයි ද ?
ගොඩක් අපේ කොල්ලන්ට තියන ප්‍රශ්නයක් තමයි කෙල්ලව දැක්කම බයයි , වෙව්ලනවා ලැජ්ජයි එක පාර ගිහින් කතා කරන්න. සමහර වෙලාවට ඒ තරම් සමාජශීලී නොවන කෙනෙක්ට තමයි කේස් එක. කෙළින්ම කිව්වොත් සෝෂල් නෑ කියන එක. අනික ළගට ගිහාම වචන එන්නේ නෑ පැටලෙනවා , කියන්න ආපු දේත් අමතක වෙනවා පස්සේ බය වෙනවා. එකට පුතේ කරන්න තියන්නේ හොදම යාළුවා ලගට ගිහන් කෙල්ලට කියන්න තියන එක ( කියන්න හිතේ තියන් ඉන්න දේ ) යාළුවා කෙල්ල කියලා හිතාගෙන කියන්න. ඌ හැබැයි ඔයාව බයිට් එකට ගන්නත් පුළුවන් මොකද යාලුවෝ කියන්නේ සක්කිළි නේ. යාළුවා විශ්වාස නැත්තම් ගෙදරට වෙලා කණ්නාඩිය ලගට ගිහින් හොදට පුරුදු වෙන්න කෙල්ල ලගට ගිහින් කියන්න හිතේ තියන් ඉන්න දේවල් ටික.
ලැජ්ජාව නැති වෙන්න තව හොදම දෙයක් තියනවා..
ඒ තමයි කෙල්ලගේ නම්බරේ හරි fb හරි හොයන shape එකේ මැසේජ් එකක් දාල පොඩ්ඩක් ෆිට් කරගන්න එක. හැබැයි පුතෝ ගත්ත ගමන් නා ගන්න නම් එපා. මොකද එතකොට කෙල්ලට එපා වෙනවා උබව එකී බ්ලෝක් කරනවා. ඉවසීම අත්‍යාවශ්‍යයි. ඉස්සල්ලම බයිලා පාරක් දාලා කතාවට අල්ලගන්න. ඔන්න මැසේජ් කරන නිසා ලජ්ජා වෙන්න දේකුත් නෑ , ගේම ගහන්න ලේසි.
මෙන්න මේක ලව් කලා හෝ නැතා වෙන්න ඕන දෙයක්. ඒ තමයි තමන් කොයි වගේ පෙනුමක් තියෙන මනුස්සයෙක් වුනත්, තමන් කොයි වගේ රස්සාවක් කරන මනුස්සයෙක් වුනත්, තමන් කොයි වගේ පසුබිමකින් ආපු මනුස්සයෙක් වුනත්, තමන් කොයි වගේ හැකියාවන් නොහැකියාවන් තියෙන මනුස්සයෙක් වුනත් තමන් ගැන හොඳ විශ්වාසයක් ඇතිකරගන්න එක. ඒ කියන්නේ තමන් කොහොමත් වටින මනුස්සයෙක්ය කියන එක හිතට කියලා දෙන්න. ඔලුව කෙලින් තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න. තමන් ලෝකෙට වටිනවය කියන එක විශ්වාස කරන්න පටන් ගන්න ඕනි. නැත්තම් කෙල්ල ඔයාව වැඩිය ගණන් ගන්නේ නැති වෙනවා. හැමදේටම කළින් ඕනි දෙයක් කරන්න පුළුවන් කියල හැමවෙලේම ඇගට ගැම්මක් ගන්න. ලව් එකේදී විතරක් නෙවෙයි උබේ මුළු ජීවිතේටම එක වටිනවා. උබව කට්ටිය පිළිගන්නේ එතකොට.
මේක තමයි වෙන්නම ඕනි දේ..
උබේ පෙනුම ගැන හිතන්න ඕන හැමවෙලේම. ඒ කියන්නේ මෙහෙමයි. තමන් කලු නම් සුදු වෙන්න හිතන්න ඕන නෑ. මිටි නම් උස වෙන්න හිතන්න ඕන නෑ. හැබැයි අනවශ්‍ය විදියට තරබාරු වෙලා නම් එක්සයිස් පාරක් දාලා ඇඟ ෂේප් එකකට ගේන්න හිතුවට කමක් නෑ. එතකොට හොඳට පිරිසිදුවට, ප්‍රියමනාප විදියට, තමන්ට ගැලපෙන ෆැෂන් එකක් අනුගමනය කරලා ඉන්න හිතුවත් අවුලක් නෑ. ඇත්තටම මෙහෙම පෙනුම වෙනස් කරගන්න එකත් අර ආත්ම විශ්වාසයට බලපානවා. පොඩි කපටි වැඩක් කියන්නම්. කෙල්ල fb ඉන්නවා නම් එයා share කරලා තියන කොල්ලෝ කවුද කැමති කාටද වගේ පොඩ්ඩක් හොයල බලපන්. එකෙන් උබට idea එකක් ගන්න පුළුවන් මෙකි ආස මෙන්න මේ වගේ ඉන්න එකෙක්ට කියලා. ඒ කියල උබ ඒ වගේ වෙන්න යන්න ඕනි නෑ. මං කියන්නේ උබට පොඩි අදහසක් එනවානේ එතකොට.
අනික තමයි මචන් අපි එයාට කැමැති උනාට එයා අපිට කැමති නැති වෙන්න පුළුවන්. උබට කියන්න මන් අවුරුදු 4ක් කෙල්ලෙක්ගෙන් එක දිගට කැමතිද කැමතිද ඇහුවා. ඒකී බෑමයි කිවුවේ. අවුරුදු 4ක් එක දිගට. ඔන්න ඊට පස්සේ මන් ඒකිගෙන් අහන එක නතර කරලා පාඩුවේ හිටිය. ඔහොම ඉද්දි දවසක් මෙන්න මෙකි මැසේජ් එකක් දැම්මා කියහන්කෝ “ඔයාට මාව ආදරෙන් හැමදාම බලාගන්න පුළුවන් ද ? ” කියල අහල. එහෙම එකක් අවම ඉතින් දන්නවනේ දැනෙන ෆීල් එක. කොහොම හරි පස්සේ මන් ඒකිට බෑ කිව්වා එව්වා වැඩක් නෑ දැන් , මන් කතාවට බහින්නම් කෝ , කොහොම හරි කෙල්ල බෑ කිවුවා කියල එතනින් එහාට ආදර සම්බන්ධතාවයකට යන්න බය වුනොත් හරි එපා වුනොත් හරි වැඩේ ගොඩයෑමක් කවදාවත් වෙන්නෙ නෑනේ. ඒ කියන්නේ උබ එතනින් එහාට fail. ඒ නිසා එකක්, දකින දකින කෙනා එක්ක ලව් කරන්න නොයන්න හිතට ගන්න ඕන. ආදරයක් ප්‍රකාශ කරන්න දුරදිග ගෙනියන්න ඕන තමන්ගේ හිතට අවංකවම දැනෙන, තමන්ට අවංකවම ගැලපීමක් තියෙනවාය කියලා පේන කෙනෙක් එක්ක. ඒ වගේ දෙයක් හරියන්න තියන පොසිබිලිටිය වැඩියි. හැබැයි ඒ වගේම තමයි ඒ වගේ කෙනෙක්ගෙන් වුනත් තමන්ගේ ආදරය ප්‍රතික්ෂේප වුනොත්, හිතට ගන්න එපා. ආචාරශීලීව ඒ ප්‍රතික්ෂේප කිරීම පිළිගන්න. හැබැයි එතනින් එහාට බයෙන් ලැජ්ජාවෙන් මුළුගැන්විලා ඉන්න ඕනැත් නෑ. අනිවාර්යයෙන්ම එක බස් එකක් ගියත් තව ඊට වඩා හොද බස් එකක් එනවා. දුක් වෙන්න එපා. ජය !
ධනුජය රත්නායක

