17 හැවිරිදි පාසල් සිසුවෙකුට ගිනි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ අදාළ සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වේ.
විභාග ප්‍රතිඵල දැනුම්දීම සඳහා පසුගිය සෙනසුරාදා රාත්‍රී ඥාති නිවසකට ගොස් යළි පැමිණෙමින් සිටියදී තවත් පුද්ගලයෙකු සමග බහින් බස් වීමක් සිදුව තිබේ.
එහිදී අදාළ පුද්ගලයා විසින් සිසුවා වෙත භූමිතෙල් වත්කර ගිනි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
ගින්නෙන් සිසුවාගේ ශරීරයේ හිසට පහළින් කොටස් පිළිස්සීමට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි අයෙකු වන අතර ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු සහ කොල්ලකෑම් චෝදනා එල්ල වූ අයෙකු බව පොලීසිය පැවසුවේය.

