තිරිගු පිටි මිල වරින් වර සුළු අගයන්ගෙන් පහළ ගියද පාන් මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 250කට වත් අඩු වුවහොත් පමණක් පාන් ගෙඩියක මිල අඩු කළ හැකි වනු ඇති බවයි.

