කෙහෙළිය රඹුක්වැල්ලට අධි චෝදනා

රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දුන්නේය.

අධිචෝදනා භාරදීමෙන් පසුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

නඩුව නැවත නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස නියම කළේය.