ගල් අඟුරු සැපැයුම්කරුගේ තීරණයේ වෙනසක්

රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු විසින් ගල් අඟුරු සැපැයුම පිළිබඳව සිය තීරණය රජයට දැනුම් දී තිබෙනවා.

එහිදී ඔවුන්ට එල්ල කර ඇති චෝදනා නිත්‍යානුකුලව නිරාකරණය කරන තුරු සැපයුම් සිදු කිරීමට නොහැකි බව දන්වා ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියේ.

ඒ අනුව එම කටයුතු නිත්‍යානුකූලව නිරාකරණය කිරීමටත් ඒ අතර තුර ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා පිළිබඳවද අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පැවැත්වූ බවද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසා සිටියා.