වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන අයට වැඩ වරදී

නියමිත මිල ගණන්වලට වඩා වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන ඖෂධ සැල් සහ අනෙකුත් වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.ඒ, කොරෝනා වෛරසය බලපෑමත් සමඟ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස ජනතාව වැඩි වශයෙන් මුඛ ආවරණ පැළඳීම නිසා ඒවායේ මිල ඉහළ දමා ඇති බවට ලද පැමිණිලි හේතුවෙන්.ඒ අනුව වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන වෙළඳසැල් පිළිබඳ තොරතුරු පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට දැනුම්දෙන ලෙසටයි එම අධිකාරිය ඉල්ලා සිටින්නේ.