පෙට්‍රල් සහ ඩීසල් බෙදාහැරීම මේ වනවිට කාර්යක්ෂම කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දින 04 තුළ පැවැති ඉන්ධන බෙදාහැරීමේ අඩුපාඩු මේ වනවිට නිවැරදි කර ඇති අතර තවත් තොග එවා ඇති බවය.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හරහා දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදාහැරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ බස්රථ සහ පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා අවශ්යත ඉන්ධන ද බෙදාහරිමින් ඇති බවය.
අද රාත්රියේදී පෙට්‍රල් 92 තවත් මෙට්‍රික් ටොන් 35,000ක් ගොඩබෑමට නියමිත බවද ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

