ජොන්ස්ටන්ට අධිචෝදනා භාරදෙයි

2012 වසරේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු තිදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම චෝදනා භාරදෙනු ලැබීය.

අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළ අතර නඩු විභාගය ඔක්තෝම්බර් මස 21 වනදා පැවැත්වීමටද දින නියම කර ඇත.

අද දෙරණ