පුද්ගලයෙක් දුම්රියට පනී

දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල බිංගෙය ආසන්නයේදී අද අලුයම 5.55ට පමණ මෙම පුද්ගලයා දුම්රියට පැන ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහුගේ වයස අවුරුදු 45ක් පමණ වන බවට අනුමාන කරන බව පොලීසිය පවසයි.

අද අලුයම බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කළ උඩරට මැණිකේ දුම්රියේ ගැටී ඇති මෙම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

මෘත දේහය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.