ශ්රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් බර්මින්හැම් පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ මීටර් 100 මූලික වටයේ තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගනිමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගනු ලැබුවා.
ඊයේ පැවති මුලික වටයේ තරගයේදී යුපුන් අබේකෝන් තරගය නිම කලේ තත්පර 10.06 කින්.
මේ අතර කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරඟයක් සඳහා එක්වූ ගයන්තිකා අබේරත්න එම තරඟයේ 05වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා. ඒ එම ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව යලි අලුත් කරමින්. එහිදී ඇයගේ තරඟ නිමි කාලය දැක්වුණේ විනාඩි 2යි තත්පර 1යි දශම 2යි 0ක් ලෙසයි. කෙසේ වෙතත් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකි වූයේ නැහැ.

