තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ තවත් කොරෝනා මරණ 07ක් අද වාර්තා වුණා. එළෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් පස් දෙනෙකු සහ වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් දෙදෙනෙක්. 

මේ අතර අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 117 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.