හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් අද සලකා බැලීමෙන් අනතුරුවයි.

