ජාතික ඉන්ධන බලපත්රය ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇති වෙබ් අඩවිය හරහා පමණක් ලියාපදිචිය ලබාගන්නා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර පුද්ගලික තොරතුරු එක්රැස් කිරීමට උත්සාහ කරන අනවසර වෙබ් අඩවි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබද විමසිලිමත් වන ලෙසත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැඩිදුරටත් දන්වා සිටිනවා.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පැවසුවේ දින 04 ක් තුළ පමණක් වෙබ් අඩවිය හරහා පුද්ගලයින් ලක්ෂ 30 ක් ලියාපදිචි වී ඇති බවයි.

